වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,306 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව, මේ වන විට දිවයින පුරා ඩෙංගු මරණ 65 ක් සිදු වී ඇති අතර, රෝගී මරණ අනුපාතය 0.07% ක් ලෙස සටහන් වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ.
සමස්ත රෝගීන්ගෙන් 52.96% ක්, එනම් රෝගීන් 47,824 දෙනෙකුම බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, දකුණු පළාතෙන් රෝගීන් 13,361 ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,027 ක් වාර්තා වී ඇති බව සඳහන්.
දිස්ත්‍රික්ක ලෙස ගත් විට, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,204 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,955 ක්, මහනුවරින් රෝගීන් 6,413 ක්, මාතරින් රෝගීන් 5,971 ක් සහ කළුතරින් රෝගීන් 5,871 ක් ලෙස වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



