Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වියළි කාලගුණය හේතුවෙන්, වනෝද්‍යානවල සිටින සතුන්ට බවුසර් මඟින් ජලය ලබාදීම ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, යාල, විල්පත්තුව, කුමන සහ බුන්දල යන ජාතික වනෝද්‍යාන සඳහා මෙසේ ජලය ලබා දෙන බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ.

මේ දිනවල ප්‍රදේශ කිහිපයකට දැඩි වියළි කාලගුණ තත්ත්වයක් පවතින අතර, ජල හිඟය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.