ඊශ්‍රායලයේ රැකියා ක්ෂේත්‍ර දෙකක් සඳහා අයැදුම්පත් කැඳවීම අද (10) ආරම්භ වන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව, අවන්හල් ක්ෂේත්‍රය වෙනුවෙන් අයැදුම්කරුවන් 4,000 ක් ලියාපදිංචි කිරීම සඳහා අද දහවල් 12.00 ට www.slbfe.lk යන වෙබ් අඩවියේ අදාළ ද්වාරය විවෘත කෙරෙන බවයි සඳහන් වන්නේ.
එසේම, ප්‍රතිසංස්කරණ රැකියා ක්ෂේත්‍රය වෙනුවෙන් අයැදුම්කරුවන් 12,000 ක් ලියාපදිංචි කිරීම සඳහා අද පස්වරු 2.00 ට වෙබ් ද්වාරය විවෘත කිරීමට නියමිතයි.
සුදුසුකම්ලත් ඊශ්‍රායල් නියෝජිතයන් විසින් ඉහත රැකියා කාණ්ඩවලට අදාළව ශ්‍රමිකයන් තෝරාගැනීම සිදු කරන බැවින්, තමන්ට මනා වෘත්තීය හැකියාව ඇති රැකියා ක්ෂේත්‍රය සඳහා පමණක් අයැදුම් කරන ලෙසයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.



