දිවයින වටා වන මුහුදු තීරයේ පවතින සක්‍රීය කාලගුණ තත්ත්වය හේතුවෙන්, තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ට වඩා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එබැවින්, නැවත දැනුම් දෙන තුරු මෙම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.
මඩකළපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා මෙන්ම, ගාල්ල සිට මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද සඳහන් කර තිබෙනවා.
එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන පිරිස් මේ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවත්, මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, ඒ සමඟම එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වීමේ හැකියාවක් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.



