2026 වසරේ ජූලි මාසය දක්වා ගත වූ කාලය තුළ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබී ඇති සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,000 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව, එම කාලය තුළ වාර්තා වී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,382.4 ක් බවයි මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙන්නේ.
පසුගිය 2025 වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා වූ කාලය තුළ වාර්තා වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 4,435.2 ක් වන අතර, එම වසරේ මුල් මාස 07 ට සාපේක්ෂව මෙම වසරේ එම කාලය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 947.2කින් වර්ධනය වී තිබෙනවා.
මේ අතර, ජූලි මාසයේදී පමණක් මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 777.6 ක් ලෙස සටහන් වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



