මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට අදාළ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව, සියලුම විනිශ්චයකාරවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 62 දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.
එසේම විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 120 ක් දක්වා ඉහළ දැමීමට ද එමඟින් යෝජනා කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය පහතින්.







