Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින්, Hela Clothing (Pvt) Ltd සහ Foundation Garments (Pvt) Ltd යන ආයතනවල සේවය කළ සියලුම සේවකයන්, සමූහ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් යටතේ Emerald Clothing (Pvt) Ltd වෙත සම්පූර්ණයෙන්ම අනුයුක්ත කර තිබෙනවා.

එබැවින්, ඔවුන්ගේ රැකියා සුරක්ෂිත බවත්, මෙම ක්‍රියාවලිය Hela Apparel Holdings PLC සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ තත්ත්වයට පෙර සාර්ථකව අවසන් කර තිබුණු බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරන්නේ.

Hela Apparel Holdings PLC, Hela Clothing Ltd. සහ Foundation Garments Ltd. යන සමාගම් දිගුකාලීන ද්‍රවශීලතා අර්බුද හේතුවෙන්, අධිකරණ නියෝගයක් මත සමාගම් විසුරුවා හැරීම සඳහා වාණිජ මහාධිකරණය වෙත ඉල්ලීම් ගොනු කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු අතර, කෙසේ වෙතත්, මෙම තත්ත්වය අදාළ සේවකයන්ගේ ජීවනෝපාය කෙරෙහි කිසිදු බලපෑමක් නොමැති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අවධාරණය කර සිටිනවා.

Emerald Clothing (Pvt) Ltd විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්මික සබඳතා දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් නිල තහවුරු කිරීමට අනුව, සමස්ත සේවකයන් 3,674 දෙනෙකු අදියර දෙකක් යටතේ එම සමාගම වෙත මාරු කර අනුයුක්ත කර ඇති අතර, එම සංඛ්‍යාවට විධායක නිලධාරීන් 251 දෙනෙකු, කාර්ය මණ්ඩල සාමාජිකයන් 393 දෙනෙකු සහ කණ්ඩායම් සාමාජිකයන් 3,030 දෙනෙකු ඇතුළත් වනවා.

මෙහි පළමු අදියර 2026 මැයි 01 දින සිට ක්‍රියාත්මක වූ අතර, ඒ යටතේ පලාපත්වෙල, තිහාරිය පිහිටි කර්මාන්තශාලාවල සහ Emerald ප්‍රධාන කාර්යාලයෙන් සේවකයන් 2,504 දෙනෙකු මාරු කර තිබෙනවා.

දෙවන අදියර 2026 ජූනි 01 දින සිට ක්‍රියාත්මක වූ අතර, ඒ යටතේ නාඋල, උකුවෙල පිහිටි කර්මාන්තශාලාවල සහ ප්‍රධාන කාර්යාලයෙන් තවත් සේවකයන් 1,170 දෙනෙකු මාරු කර අනුයුක්ත කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.