Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මීගමුව බන්ධනාගාරයෙන් ආරම්භ වූ කැරැල්ල මේ වන විට බන්ධනාගාර විශාල සංඛ්‍යාවකට පැතිර ගොස්, ආණ්ඩුවට පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර පවසනවා.

ආණ්ඩුව සෑම විටම විපක්ෂයට චෝදනා කරන නමුත්, තමන් යටතේ පවතින පද්ධතිය පාලනය කර ගැනීමට අසමත් වී ඇති බවයි අද (07) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

බන්ධනාගාර අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේදී ඔහු හොඳ යැයි ධුරයේ තබා ගත්ත ද, බන්ධනාගාරවල හටගත් ප්‍රශ්න නිසි ලෙස විසඳීමට ඔහු කටයුතු කර නැති බව ද එහිදී ඔහු සඳහන් කර සිටියා.

බන්ධනාගාර ඇතුළත සිදු වන පාතාල සහ කැරලිකාරී සිදුවීම් පාලනය කිරීමට නොහැකිවීම, පිටත ඇති කුමන්ත්‍රණ නිසා සිදු වූවක් නොව, ආණ්ඩුවේ අදක්ෂතාවය නිසා සිදු වූවක් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.