22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, එහි විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන කරුණු ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ගැසට් නිවේදනය අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ විශ්‍රම වයස අවුරුදු 67 ක් සහ අභියාචානාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.
එසේම, අගවිනිසුරු විශ්‍රාම ගත යුතු දිනය, ඔහුගේ වයස අවුරුදු 67 ක් එළඹෙන දිනය හෝ ඔහු අගවිනිසුරු ධුරයට පත් වන දිනයේ සිට වසර 06 ක කාලසීමාාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කලින් එළඹෙන දිනය විය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.





