Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තවත් රැඳවියන් 24 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ඉල්ලා සිටි අතර, අධිකරණය ඊට අවසර ලබාදී තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ නඩුව අද (07) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, කලින් නම් කරන ලද සැකකරුවන් 38 දෙනා සහ අද (07) දිනයේ නම් කළ 24 දෙනා ඇතුළුව මෙම සිද්ධියට අදාළව මුළු සැකකරුවන් සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආරක්ෂක හේතූන් මත, මෙම සැකකරුවන්ගේ නම් විවෘත අධිකරණයේදී ප්‍රකාශ නොකළ අතර, අදාළ නාමලේඛනය සහ B වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහේස්ත්‍රාත්වරිය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී කලින් නම් කරන ලද සැකකරුවන් 38 දෙනා අද (07) හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කිරීමට නියමිතව තිබුණ ද, සිද්ධියෙන් තුවාල ලැබූ සාක්ෂිකාර බන්ධනාගාර නිලධාරීන් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින්, එම හඳුනාගැනීමේ පෙරෙට්ටුව ලබන අගෝස්තු 21 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

මෙම සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා, ගිනි අවි ආඥා පනත, පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්ති ප්‍රකාරව නඩු පැවරීමට කටයුතු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.