බන්ධනාගාර කිහිපයකම දැඩි නොසන්සුන්තාවයක් මතුව ඇති බවත්, ඉතිහාසයේ කිසිදිනෙක නොවූ ලෙස බන්ධනාගාර නිලධාරීන් පවා මියයාමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවත් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසනවා.
ඒ අනුව, ආණ්ඩුවේ පටු දේශපාලන අරමුණු ඉෂ්ට කරගැනීම උදෙසා, දක්ෂ හා පළපුරුදු නිලධාරීන් වෙනුවට අත්දැකීම් රහිත පිරිස් රාජ්‍ය ආයතනවලට පත් කිරීම නිසා මෙම අර්බුද තවදුරටත් වර්ධනය වී ඇති බවයි අද (07) උත්සවයක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
වත්මන් ආණ්ඩුවට නිසි බුද්ධි තොරතුරු නොලැබෙන බවත්, රටේ බුද්ධි තොරතුරු ජාලය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
තොරතුරුකරුවන් හා බුද්ධි නිලධාරීන් පාවාදීම්වලට ලක්වීම නිසා නිලධාරීන් බියෙන් පසුවන බවත්, මෙය රටේ ජාතික ආරක්ෂාවට බරපතළ හානියක් විය හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
අදාළ සම්පූර්ණ ප්‍රකාශය ‘එසැණ’ Youtube නාලිකාව හරහා මෙතැනින් නරඹන්න.
එසැණ YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න.



