මෙම ආණ්ඩුවට රට භාර දීමට ප්‍රථමයෙන්, සිරගෙවල් භාරදී බැලිය යුතුව තිබුණු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා.
ඒ අනුව, එවිට ‘සිරගෙවල් පාලනය කර ගැනීමට නොහැකි ආණ්ඩුවක් රටක් පාලනය කරන්නේ කෙසේද’ යන පණිවිඩය ජනතාවට සන්නිවේදනය වීමට ඉඩ තිබුණු බවයි අද (07) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
එම අවස්ථාව නොලැබීම හේතුවෙන් ජනතාව මේ වන විට ඛේදවාචකයකට මුහුණ දී සිටින බවත්, පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම වැනි ආයතන දේශපාලන උවමනාවන් සඳහා පාවිච්චි කරමින්, ජනතාව මර්දනය කිරීම ආණ්ඩුවේ එකම කාර්යය බවට පත්ව ඇති බවයි සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
අදාළ සම්පූර්ණ ප්‍රකාශය ‘එසැණ’ Youtube නාලිකාව හරහා මෙතැනින් නරඹන්න.
එසැණ YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න.



