ජුනි සහ ජූලි මාස සඳහා තමන්ට හිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් පත්‍රිකා දෙක පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එහි දැක්වෙන පරිදි, ජුනි මාසයේදී රුපියල් 179,707.93 ක් වූ ඔහුගේ මාසික ඉන්ධන දීමනාව ජූලි මාසයේදී රුපියල් 244,300.46 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
මෙම ඉහළ යෑම මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතර ගෙවීම් බැර වන බවක් පෙන්නුම් කරන බවයි සමාජ මාධ්‍ය වෙත සටහනක් එක් කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
මන්ත්‍රීවරයා විසින් ලබා දී ඇති ලේඛනවලට අනුව, මෙම මාස දෙක අතර කාලය තුළ ඉන්ධන දීමනාව රුපියල් 64,600කින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඔහුගේ ශුද්ධ මාසික ගෙවීම ජූනි මාසයේ පැවැති රුපියල් 388,034.64 සිට ජූලි මාසයේදී රුපියල් 450,695.99 දක්වා වැඩි වී තිබෙනවා.
අදාළ වැටුප් පත්‍රිකා දෙක පහතින්.






