අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට අධිචෝදනා භාර දීමෙන් පසුව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
හිටපු ඇමතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනු කර තිබණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



