ලලිත් - කූගන් නඩුවට අදාළව, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට සැප්තැම්බර් 29 වැනිදා සාක්ෂි ලබාදෙන ලෙසට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිට මාර්ගගත ක්‍රමයට (online) සාක්ෂි ලබාදෙන ලෙසයි යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙන්නේ.
2011 වසරේදී මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන ලලිත් කුමාර වීරරාජ් හා කූගන් මුරුගානන්දන් යන පුද්ගලයින් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ නම් කර තිබෙනවා.



