කොළඹ පිහිටි පොලිස්පතිවරයාගේ නිල නිවස හා අගවිනිසුරුවරයාගේ නිල නිවස අවට මාර්ගය වීඩියෝගත කළ පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මෙම වීඩියෝගත කිරීමට යොදාගත් ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු මෝටර් රථය නවතා පොලිස්පතිවරයාගේ නිල නිවස අසල මාර්ගයේ සිටිමින් වීඩියෝගත කරන බවට ප්‍රධාන දොරටුවේ රාජකාරියේ යෙදී සිටි විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරියෙකුට නිරීක්ෂණය වී ඇති අතර, එම නිලධාරියා විසින් ඒ ආසන්නයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු විසින් කොළඹ හදිසි ඇමතුම් අංශය දැනුවත් කර තිබෙනවා.
පසුව, කොළඹ හදිසි ඇමතුම් අංශයේ දැනුම්දීම අනුව ක්‍රියාත්මක වූ කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ, විමර්ශන පවත්වා, සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ.



