Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු යළි අගෝස්තු 10 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 10 වැනිදා සිට විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සහ ආරක්ෂිතව පවත්වාගෙන යාමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් සඳහන් කළේ.

විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල නේවාසික සිසුන්ට එළැඹෙන 09 වන ඉරිදා සිට නැවත නේවාසිකාගාර වෙත පැමිණීමට අවසර ලබාදී ඇති බවද වැඩිදුරටත් සඳහන්.