බුලත්සිංහල, උඩුගලකන්ද අමරගෙදර ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (07) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
අදාළ අනතුරෙන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
තුවාල ලැබූවන්ගෙන් 06 දෙනෙකු හොරණ දිස්ත්‍රික් රෝහලටත්, 08 දෙනෙකු බුලත්සිංහල ප්‍රාදේශීය රෝහලටත් ඇතුළත් කර තිබෙන අතර, රෝහල්ගත කළ පිරිසෙන් 12 ක් කාන්තාවන් බවත්, රියදුරු ඇතුළුව පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවත් සඳහන්.
කර්මාන්තශාලාවක් සඳහා සේවකයන් රැගෙන උඩුගලකන්ද ප්‍රදේශයේ සිට පැමිණි වෑන් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



