මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, රවී සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



