කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර රැඳවියන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
එසේම, මෙම සිදුවීමෙන් තුවාල ලැබූ රැඳවියන් පිරිසක් රෝහල්ගත කිරීමට ද පියවර ගෙන තිබුණා.
අද පෙරවරුවේ හටගත් මෙම නොසන්සුන්තාව පාලනය සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට ද පියවර ගෙන තිබුණු අතර, මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලීසිය ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ කැඳවා තිබෙනවා.



