Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් ලබාදී තිබෙනවා.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන “රටම එකට” ජාතික මෙහෙයුම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සක්‍රීය දායකත්වය ලබාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පහසුකම් ඉහළ නැංවීමේ සහ සියලු පුනරුත්ථාපන ආයතන කඩිනමින් ඒකාබද්ධ ජාතික වැඩසටහනකට ගෙන ඒමේ අවශ්‍යතාව ද පෙන්වා දී ඇති බවයි සඳහන් වන්නේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් 2026 වසරේ දී ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම උපදෙස් ලබා දී තිබෙනවා‍. 

අදාළ නිවේදනය පහතින්.