Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කෙරවලපිටිය උපපොළේ සිට කොළඹ වරාය උපපොළ දක්වා ඉදිකරන 220 kV දෙවන භූගත සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) අමෙරිකානු ඩොලර් මිලියන 52 ක ණය ආධාර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ, කෙරවලපිටිය සහ කොළඹ වරාය අතර කිලෝමීටර් 16 ක දුරකින් යුතුව මෙම භූගත රැහැන් පද්ධතිය ඉදිකෙරෙන බවයි සඳහන් වන්නේ.

මීට අමතරව, අදාළ උපපොළවල් නවීකරණය කිරීම සහ පාලන පද්ධති ස්ථාපිත කිරීම ද මෙයට ඇතුළත් වන අතර, මෙහි සමාරම්භක උත්සවය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්ගේ ප්‍රධානත්වයෙන් කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ පිවිසුම අසලදී පැවැත්වුණා.

නව ව්‍යාපෘතිය හරහා කෙරවලපිටිය LNG බලාගාරවලින් උත්පාදනය කරන විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමට මෙන්ම, උතුරු සහ නැගෙනහිර පළාත්වල උත්පාදනය වන පුනර්ජනනීය බලශක්තිය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට අවශ්‍ය පහසුකම් ද සැලසෙනු ඇති බවයි සඳහන් වන්නේ.