කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් අතර අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.
ඒ අනුව, ඊයේ (06) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇති අතර, පසුව එය පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ නමුත්, උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇති වී ඇති අතර, ඔවුන් අලාභහානි කිහිපයක් ද සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ වන විට තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.



