Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඊයේ රාත්‍රියේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව, සිද්ධියට මුල් වූ බවට සැක කෙරෙන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ රාත්‍රියේදී නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමඟ මෙම තත්ත්වය වාර්තා වී තිබුණා.

ඇති වූ තත්ත්වයත් සමඟ බන්ධනාගාර පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ද යොදවා තිබුණු අතර, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානා ද භාවිතා කර තිබුණා.

රාත්‍රීයේ බන්ධනාගාරය අසල සිදුවීම් ඇතුළත් දර්ශන ‘එසැණ’ Youtube නාලිකාව හරහා මෙතැනින් නරඹන්න.


එසැණ YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න.