බොරැල්ල මැගසින් බන්ධනාගාරය තුළ ඊයේ (06) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව, රාත්‍රී 10.20ට පමණ බන්ධනාගාරයේ 'E' වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවරම එම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව ආරම්භ වී ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම එම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණා.



