Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් පසුගියදා පොලිස්පතිවරයා ගැන සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙහි ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අවසර ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ, මින් පෙර සිටි හිටපු පොලිස්පතිවරුන් තිදෙනෙකුටම වර්තමාන රජය යටතේ ඉතාම ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බවත්, වත්මන් පොලිස්පතිවරයාට ද රජයට සේවය කිරීම නවත්වා ජනතාවට සේවය කිරීමට පටන් ගන්නා ලෙසයි.

එසේ නොවන්නේ නම්, මහජනතාවගෙන් පහර කා මහමග මියයන 37 වැනි පොලිස්පතිවරයා ලෙස වර්තමාන පොලිස්පතිවරයා ඉතිහාසගත විය හැකි බවයි සාගර කාරියවසම් පවසා තිබුණේ.