Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ ඇපෑල් පෙත්සමේ විභාගය සැප්තැම්බර් 23 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම ඇපෑල් පෙත්සම අද (06) පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබූ අතර, එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර හා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විසින් ඉහත නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක අමරසිංහ නමැති තරුණයෙකු, 2015 වසරේ දෙසැම්බර් 21 වැනිදා ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේ ජූනි මස 28 වැනිදා බරපතළ වැඩ සහිත වසර 03 ක සිර දඬුවමක් සහ රුපියල් 20,000 ක දඩයක් නියම කර තිබුණා.

එම දඬුවමින් සහ දඩ මුදලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මෙම ඇපෑල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.