Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේ දෙවන දිනටත් සලකා බැලීම සිදු කෙරුණා.

එහිදී අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු අතරමැදි පෙත්සම්කාර පාර්ශ්වයන් හි නීතිඥවරු කිහිප දෙනෙකු විසින් කරුණු ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

වැඩිදුර අතරමැදි පෙත්සම් සලකා බැලීම මේ මස 10 වැනිදා දක්වා කල් තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.