Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකාවේ නැවුම් අන්නාසි පාකිස්තාන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා අවශ්‍ය වූ තාක්ෂණික හා ශාක නිරෝධායන අවශ්‍යතා සම්පූර්ණ කර තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකා අන්නාසි සඳහා පාකිස්තාන වෙළෙඳපොළට පිවිසීමට හැකියාව ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම වැඩසටහන කරච්චි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවය, පාකිස්තාන ජාතික ශාක ආරක්ෂණ සංවිධානය (NPPO), ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, ඉස්ලාමාබාද් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) ඇතුළු ආයතන රැසක් එකතුවෙන් සමීප සහයෝගීතාවයෙන් යුතුව ක්‍රියාත්මක කර තිබෙනවා.

මෑතකදී පාකිස්තාන ව්‍යාපාරික දූත පිරිසක් මෙරට සංචාරයක නිරත වූ අවස්ථාවේදී, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් ශ්‍රී ලංකා අන්නාසි, අලිගැටපේර සහ තැඹිලි සඳහා පාකිස්තාන වෙළෙඳපොළ ප්‍රවේශය කඩිනම් කරන ලෙස අදාළ ආයතන වෙත උපදෙස් ලබා ඇති බව සඳහන්.

එහිදී ප්‍රමුඛත්වය අන්නාසි සඳහා ලබා දී ඇති අතර, අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ද සාකච්ඡා ඉදිරියට ගෙන යන බවයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

අදාළ නිවේදනය පහතින්.