ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඩෙල්ෆ්ට් දූපත අසල අනතුරට පත් වූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයන් 11 දෙනාම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරක්ෂිතව බේරාගෙන තිබෙනවා.
දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව, අද (06) එම ධීවරයන් 11 දෙනාම ආරක්ෂිතව බේරාගෙන ඩෙල්ෆ්ට් දූපත වෙත රැගෙන විත් ඇති අතර, අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මුහුදේ රළ පහර හේතුවෙන් වෙරළට ගසාගෙන ආ අදාළ ඉන්දීය ධීවර යාත්‍රාව මයිලිඩ්ඩි ධීවර වරාය වෙත රැගෙන යාමට ද නාවික හමුදාව කටයුතු කරමින් සිටින බව සඳහන්.



