Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පසුගිය දින කිහිපය තුළ පැවති වර්ෂාපතනය සමඟ, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ යළි සක්‍රීය වීමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව, පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මේ වන විට පස ජලයෙන් සංතෘප්ත වී ඇති බැවින්, මෙම තත්ත්වය උදාවී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර සඳහන් කළේ.

කුඩා වර්ෂාවකදී වුව ද නායයෑම් සහ ගල් පෙරළීම් සිදු විය හැකි බැවින්, ජනතාව ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසයි අද (06) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ.

හෙට (07) සහ අනිද්දා (08) දිනයේ දී කාලගුණ පුරෝකථන අනුව වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බවත්, පවතින අධික තීව්‍රතාවයෙන් යුතු වර්ෂාපතනය සමඟ පස් කණ්ඩි හා පස්කඳු සෝදා යෑමේ සහ ගල් පෙරළීම් සිදු වීමේ ඉතා අවදානම් තත්ත්වයක් පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.