මීටියාගොඩ පොලිස් වසමේ, අලුත්වල පාර ප්‍රදේශයේදී, ආපනශාලාවක මුදල් අයකැමි ලෙස සේවය කළ කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් මහජන සහය ඉල්ලා සිටිනවා.
මෙම වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු හඳුනාගෙන ඇති අතර, මොහු දැනට පදිංචි ප්‍රදේශය ද හැර ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
ඒ අනුව, ගල්කේන කංකානම්ගේ උපුල් කුමාර නොහොත් 'ජම්බු' නමැති මොහු උඩුමුල්ල, කළුපේ, හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071 859 1481 හෝ 091 226 0423 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලීසිය විසින් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





