කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට වැඩි තීව්‍රතාවකින් යුතුව සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැලණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව, ඉදිරි පැය 24 කාලය තුළ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අවදානමක් පවතින බවයි සඳහන් වන්නේ.
දොම්පේ, සීතාවක, හෝමාගම, කඩුවෙල, බියගම සහ කොළොන්නාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි.
පවතින පුරෝකථනයන් අනුව ඉදිරියේදී අධි තීව්‍රතාවකින් යුතුව වර්ෂාව ඇති විය හැකි බැවින්, ගඟෙහි ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යා හැකි නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසට එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන්, ගංගාව පරිහරණය කරන්නන්ගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.




