2026 තෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) තෙවන කාර්තුව සඳහා ඉදිරිපත් කළ විදුලි සැපයුම් පිරිවැය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සියලු ගැලපීම් කිරීමෙන් අනතුරුව 2026 තෙවන කාර්තුවේදී විදුලිය සැපයීම සඳහා වන පිරිවැය ඉහළ යාම සියයට 0.3කට (රුපියල් මිලියන 417කට) සීමා වී ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව එම කොමිෂන් සභාව දක්වා තිබෙනවා.
මේ හේතුවෙන් තුන්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවත්, දෙවන කාර්තුවේ පැවති ගාස්තු ක්‍රමය මෙම කාර්තුව තුළදී ද බලාත්මක වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්.





