මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු වර්ෂාපතනය ද, ඉදිරියේදී වර්ෂාපතනය තවත් ලැබිය හැකි බවට වන පුරෝකථන හා කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවර කිරීමේ අවදානම ද හේතුවෙන්, මහවැලි ගංගා ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොලුව, කොත්මලේ, පස්බාගේ කෝරළේ, ගඟඉහළ කෝරළය, ගඟවට කෝරළය, හාරිස්පත්තුව සහ පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මෙම මහ ගංවතුර තත්ත්වය පිළිබඳව අවදානම් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇති විය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පහත් බිම් ආශ්‍රිතව පදිංචි මහජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.




