පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, අදාළ නිවේදනය මෙම මස 05 වැනිදා උදෑසන 11.30 දක්වා වලංගු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසට එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.




