ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, එහි වර්තමාන ස්වරූපයෙන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
පැහැදිලි ආයතනික අවශ්‍යතාවක්, විනිවිදභාවයෙන් යුතු සහ සාක්ෂි මත පදනම් වූ සාධාරණීකරණයක්, සියලු අදාළ පාර්ශ්වයන් සමඟ අර්ථවත් උපදේශන ක්‍රියාවලියක් හා එහි ව්‍යවස්ථානුකූල ප්‍රතිවිපාක පිළිබඳ පූර්ණ ඇගයීමක් සිදු නොකර මෙම සංශෝධනය ඉදිරියට ගෙන නොයා යුතු බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර තිබෙන්නේ.
මීට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල පත්වීම් ක්‍රියාවලිය ඔස්සේ රජය විසින් දැනට පවතින විනිසුරු පුරප්පාඩු වහාම පිරවීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ද එම සංගමය සඳහන් කරනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්ප්‍රදායන්ට හා ජාත්‍යන්තර බැඳීම්වලට සම්පූර්ණයෙන්ම අනුකූල වන අවස්ථාවල හැර ඉදිරියට ගෙන යාමෙන් වැළකී සිටින ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
අදාළ නිවේදනය පහතින්.







