Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අනාගත ඩිජිටල් තාක්ෂණය සහ STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, ගණිත) අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ ජාතික පියවරේ තවත් දැවැන්ත සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් 200 දෙනෙකු මේ වන විට STEM අධ්‍යාපනික වැඩසටහන යටතේ සක්‍රීයව පුහුණුව ලබන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව, එම වැඩසටහනේ සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්, අතිශය තරගකාරී තේරීම් ක්‍රියාවලියකින් අනතුරුව, 18 හැවිරිදි සෙනීසා ගුණවර්ධන දියණිය, කීර්තිමත් ShakthiSAT International Mission ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තේරී පත්ව සිටිනවා.

මෙම නිල වැඩසටහන 2026 අගෝස්තු 22 සිට 31 දක්වා ඉන්දියාවේ ගෞතම් බුද්ධ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා වන සංචාරය අගෝස්තු 21 සිට 31 දක්වා නවදිල්ලිය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සංචාරය අතරතුර දී ඉන්දීය අග්‍රාමාත්‍යතුමා සහ ඉන්දීය ජනාධිපතිතුමිය සහභාගි වන නිල රාජ්‍ය තාන්ත්‍රික හමු සහ රාජ්‍ය උත්සව කිහිපයකටම නියෝජිතවරියක ලෙස සෙනීසා ගුණවර්ධන දියණිය සහභාගී වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.