අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සහ එම දත්ත අනුමත කිරීමට ලබා දී තිබුණු කාලය එළැඹෙන ජූලි 31 වැනිදායින් අවසන් වන බව අග්‍රහාර රක්ෂණ භාර අරමුදල පවසනවා.
ඒ අනුව, සියලුම සාමාජිකයන් එදිනට පෙර අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බවයි එම අරමුදල සඳහන් කරන්නේ.
මීට අමතරව, අදාළ ආයතනවල අග්‍රහාර විෂයභාර නිලධාරීන් තම ආයතනයේ සාමාජිකයන් විසින් ලබා දී ඇති දත්ත සත්‍යාපනය කර තිබීම හා ආයතන ප්‍රධානීන් විසින් ඒවා අනුමත කිරීම අනිවාර්යය වන බවත් එම අරමුදල සඳහන් කළා.
ප්‍රමාදයකින් තොරව අග්‍රහාර හිමිකම් සහ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා, නියමිත දිනට පෙර ඉහත සඳහන් කළ පරිදි අග්‍රහාර සාමාජිකයන් විසින් අදාළ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කර යාවත්කාලීන කරන ලෙසට එම අරමුදල දන්වා සිටිනවා.
තම ආයතනවල විෂයභාර නිලධාරීන් මාර්ගයෙන් අදාළ අනුමත කිරීම් කටයුතු තහවුරු කර ගන්නා ලෙසට නිවේදනයක් යොමු කරමින් එම අරමුදල වැඩිදුරටත් දැනුම් දී සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.




