කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට තලෙයිමන්නාරම දක්වා ගමන් ගන්නා දුම්රිය සේවාවන් අද (24) දිනයේ සිට නැවතත් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, පසුගිය වසරේ ඇති වූ දිට්වා සුළි කුණාටු තත්ත්වයත් සමඟ දුම්රිය මාර්ගයට හානි සිදුවීම නිසා, එම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන තෙක් දුම්රිය ගමන් නවතා දමා තිබුණා.
කෙසේ වෙතත්, අදාළ දුම්රිය මාර්ගය මේ වන විට නැවත සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර ඇති අතර, අද (24) දිනයේ සිට කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වාත්, තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව දක්වාත් දිනපතා දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.
ඒ අනුව, අද (24) පස්වරු 03.50 ට මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා තලෙයිමන්නාරම දක්වා ගමන් කරන අතර, හෙට (25) උදෑසන 04.10 ට තලෙයිමන්නාරමේ සිට නැවත කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.




