ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඉහළ යමින් පවතින රිය අනතුරු, තරුණ පරපුර මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වැනි වත්මන් සමාජ ගැටලුවලට විසඳුම් සොයමින්, නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීමේ දී එය මනා පිටිවහලක් වනු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.
ක්‍රීඩාව, තරගයකින් එහා ගිය දෛනික ජන ජීවිතය හා බැඳුණු ක්‍රියාකාරකමක් බවට පත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ක්‍රීඩා තරග පැවැත්වීමේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණ අත්පත් කර ගැනීම පමණක් නොව, සමස්ත සමාජය තුළම ක්‍රීඩා ප්‍රබෝධයක් ඇති වන අයුරින් ඒවා සැලසුම් කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.





