අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 11 ක මිල පහත හෙළීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, රතු ලූණු, රතු පරිප්පු, කඩල, රතු කැකුළු සහල්, බී-ලූණු, අර්තාපල්, නාඩු සහල්, සුදු සීනි, පාන් පිටි සහ ටින් මාළු යන භාණ්ඩවල මිල මෙලෙස අඩු කර ඇති බවයි සඳහන් වන්නේ.
පාරිභෝගිකයන්ට දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් අද දින සිට සහන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාල නිවේදනය පහතින්.




