Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන් පොලිස් නිලධාරීන් 650 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 100 දෙනෙකු රාජකාරියේ යොදවා ඇති බව පොලීසිය පවසනවා.

එසේම, බුද්ධි අංශ නිලධාරීන් ද ආරක්ෂක රාජකාරි සඳහා යොදවා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ.

ගන්දර පොලිස් වසමේ පිහිටි දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ පළමු පේළි පෙරහැර අද (23) ආරම්භ වන අතර, ජූලි 29 වැනිදා මහා පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව අවසන් වීමට නියමිතයි.

කාවඩි පෙරහැර ජූලි 28 වැනිදාත්, රන්දෝලි පෙරහැර ජූලි 29 වැනිදාත් පැවැත්වීමට නියමිත අතර, එම දිනවල පස්වරු 4.00 සිට රාත්‍රී 9.00 දක්වා කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ නිවේදනය පහතින්.