Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ප්‍රධාන වෛද්‍ය පරීක්ෂණ සඳහා අය කළ හැකි උපරිම ගාස්තු සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද අංක 67 දරන නියෝගය යටතේ මෙම උපරිම ගාස්තු ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

පූර්ණ රුධිර පරීක්ෂාව (FBC) එක පරීක්ෂණයක් සහ වාර්තාවක් සඳහා රුපියල් 400 ක මුදලක් ද, ඩෙංගු සඳහා වන NS1 ඇන්ටිජන් පරීක්ෂණයේ එක පරීක්ෂණයක් සහ වාර්තාවක් සඳහා රුපියල් 1,200 ක මුදලක් ද අය කළ යුතු බව සඳහන්.

පෞද්ගලික රෝහල්වලින් හෝ රසායනාගාරවලින් මෙම පරීක්ෂණ ලබා ගැනීමේදී මිල ගණන් පිළිබඳව සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින අතර, අදාළ ගෙවීම් සඳහා සෑම විටම නිල බිල්පතක් හෝ රිසිට්පතක් ඉල්ලා සිටින ලෙසට ද වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.