Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වංචා සහගත ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචා කිරීමක් සිදු වන බවට වාර්තා වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව, මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශයන් හි, විවිධ පුද්ගලයින් විසින්, විවිධ දුරකථන අංක මඟින් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත අමතන බවත්, තමා ප්‍රධාන කාර්යාලයේ නිලධාරියෙක් යැයි පවසා එසේ දුරකථන ඇමතුම් ලබා දෙන බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

මේ ආකාරයෙන් දුරකථන ඇමතුම් ලබා දී, තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලිය බවට පවසා හෝ වෙනත් හේතුවක් සඳහන් කරමින්, ඒ වෙනුවෙන් එම ඇමතුම ලබා දෙන පාර්ශ්වයට මුදල් ගෙවීමක් සිදු කරන ලෙසට ඉල්ලීම් කරන බවයි සඳහන් වන්නේ.

මෙම ක්‍රියාව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ කිසිදු අනුදැනුමකින් සිදු නොවන්නක් බවත්, මේ සම්බන්ධව ප්‍රදේශයේ අදාළ පොලිසියට ගොස් පැමිණිලි කරන ලෙසයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියේ.