මෙරට රජයේ පාසල්, රජයේ ආධාර ලබන පාසල් සහ රජයේ අනුමත පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම සිසුන් හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් 2027 වර්ෂයට අදාළව පාසල් නිල ඇඳුම් රෙදි චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ලබා දීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා වන නිල සහතිකපත් හුවමාරු කර ගැනීම ඊයේ (15) බත්තරමුල්ල, ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව අතර පැවැත්වුණා.
මෙම සුවිශේෂී ආධාර ව්‍යාපෘතිය යටතේ 2027 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් මිලියන 4.18කට ආසන්න පිරිසකගේ සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාව සපුරාලීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ඒ වෙනුවෙන් රෙදි මීටර් මිලියන 10.820 ක දැවැන්ත රෙදි තොගයක් චීන රජය විසින් ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම නොමිලේ පරිත්‍යාග කිරීමට නියමිතයි.



