සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන, “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම ක්‍රියාත්මක කිරීමට ජුලි 27 සිට 31 දක්වා සුපිළිපන් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම වැඩසටහන Clean Sri Lanka ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් ක්‍රියාත්මක කිරිම සඳහා සියලුම රාජ්‍ය ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන පරිදි එම සතියේ සිට ඉදිරියට මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක විය යුතු බවයි සඳහන් වෙන්නේ.
පුරවැසි ආචාර ධාර්මික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා සමාජය පුරා පැතිරුණු සුපිළිපන් සංස්කෘතියක් මත පදනම් වූ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම මෙම ජාතික සුපිළිපන් සතියෙන් ආරම්භ වන බවයි සඳහන් වෙන්නේ.
සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාවය සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම, දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යූහයක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛතම අභිලාෂය වී ඇති අතර, එම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ චක්‍රලේඛය පහතින්.











