Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව, මන්ත්‍රීවරයා සහ අදාළ කමිටුවට සහභාගී වී සිටි රාජ්‍ය නිලධාරීන් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට යාමේදී මෙම තත්ත්වය හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී, රාමනාදන් අර්ච්චුනා විසින් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සහ රාජකාරිය සම්බන්ධයෙන් නුසුදුසු ආකාරයෙන් වදන් භාවිත කරමින් විවේචනය කර ඇති අතර, ඉන් පසු කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණ සිටි රාජ්‍ය සේවකයින් ඉන් ඉවත්ව යාමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වන ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් උත්සාහ කළ ද, එය සාර්ථක වී නොමැති බවයි සඳහන් වන්නේ.

පසුව ධීවර අමාත්‍යවරයා සහ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අතර ඇති වූ බහින්බස් වීම ගැටුමක් දක්වා වර්ධනය වීමට ගොස්, පසුව පොලිසිය මැදිහත්ව පාලනය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.