Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

2029 වසරේ දී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඒකාන්තයෙන්ම ජනාධිපති ධුරයට පත් වන බව එම පක්ෂ සාමාජිකා ශීලා කන්නන්ගර පවසනවා.

ඒ අනුව, මේ වන විට ‘නා මල පිපීගෙන’ එන බවත්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට කාන්තාවන්ගේ විශාල ආකර්ෂණයක් ඇති බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය ප්‍රකාශ කළේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ බොහෝ සශ්‍රීක නිවාස තිබූුණු බවත්, ඔහු ධුරයෙන් ඉවත්ව යන විට පොල්අතු ගෙවල් නොතිබූුණු බවත්, එවක සෑම ගෙදරකම යතුරුපැදියක් තිබූ අතර, අද දරුවන්ට වාහන යනු සිහිනයක් බවට පත්ව ඇති බවත් ඇය සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ ‘කොළඹට කිරි - ගමට කැකිරි’ වශයෙන් කටයුතු නොකළ බවත්, ගමටත් කිරි ලබාදුන් එම ‘තාත්තාගේ පුතා’ 2029 ජනාධිපති ධුරයට පත් වන බවයි ශීලා කන්නන්ගර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.