Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රටේ කුමන හෝ ගැටලුවක් වූ වහාම විපක්ෂය විසින් සිදු කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස්ගේ නිවසට එක්වීම බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, ඩෙංගු, බන්ධනාගාර ගැටලු, ගංවතුර, මැදපෙරදිග අර්බුදය, ගල් අඟුරු නැවක් ප්‍රමාදවීම වැනි කුමන හෝ අවස්ථාවක දී ඔවුන් සිදු කරන්නේ ජී.එල්. පීරිස්ගේ නිවසට ගොස් විශ්වාසභංග සකස් කිරීම බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එක් අවස්ථාවක දී අගමැතිවරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙන බවට ප්‍රකාශ කළ ද, එය සිදු නොකළ බවත්, අධිකරණ අමාත්‍යවරයාට ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කළහොත් එයට මුහුණ දීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා වැඩසටහනක් දියත් කරමින් සිටින අතර, නිවාස අඩස්සියට පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් පැමිණ ඇති බව ද ඔහු සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත්, එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ ද, එය වලංගු වන්නේ සාමාන්‍ය සිරකරුවන්ට බවත්, දේශපාලනඥයින්ට එය අදාළ නොවනු ඇති බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.